Home උණුසුම් පුවත් තරු පෙන්නූ භූමිතෙල් මිල හමුවේ ක්ෂේත්‍ර කිහිපයකට සහනයක්

තරු පෙන්නූ භූමිතෙල් මිල හමුවේ ක්ෂේත්‍ර කිහිපයකට සහනයක්

තරු පෙන්නූ භූමිතෙල් මිල හමුවේ ක්ෂේත්‍ර කිහිපයකට සහනයක්

භූමිතෙල් මත යැපෙන ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා මෙම මුදල් සහනාධාරය රජය විසින් ලබාදීමට කටයුතු කෙරෙනු ඇත.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 87ක්ව පැවති භූමිතෙල් මිල රුපියල් 253 කින් ඉහළ ගියේය. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340කි.

“භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක් තිස්සේ සිදු විය යුතුව තිබූ දෙයක්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන පාඩු සඳහා එක් ප්‍රධාන හේතුවක් වූයේ සහනාධාර මිලට විකිණීමයි. මිල ගණන් නව පිරිවැයට සමපාත වීමත් සමඟ භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇත.” යනුවෙන් අමාත්‍යවරයා නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here