තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩලස්ගෙන් 'උණ්ඩයක්'

    ඩලස්ගෙන් ‘උණ්ඩයක්’

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත විශේෂ ලිපියක් යවා තිබේ.

    ඒ පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කමිටුව (COPE) සඳහා පත්වීම් සිදුකිරීමේ දී එම කමිටුවල් කලක් තිස්සේ නියෝජනය කරමින් සිටි තමා මෙන්ම, මහාචාර්ය ජී එල් පීරිස්, නීතිඥ ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය චරිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ඉවත් කර තිබීම පිළිබඳ අප්‍රසාදය පළ කරමිනි.

    කතානායකවරයා විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට අනාවරණය කරනු ලැබූ ලේඛනවලට අනුව, අදාළ කමිටු පත් කිරීම්වලදී ඉහත නම් සඳහන් අය ඉවත් කර තිබෙන බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් පවසා තිබේ.

    මෙම අප්‍රසාදය පළ කිරීම, තනතුරු ඉල්ලා සිටීමක් නොවන අතර වත්මන් දෙබිඩි පාලනයට සහ දෙබිඩි පිළිවෙතට එරෙහිව තබන ලද උණ්ඩයක් ලෙස අගමැතිවරයා පිළිගනු ඇතැයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත යවන ලද එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

    Prime minister letter New 2
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img