Home උණුසුම් පුවත් අන්තරේ විරෝධයේදී ඇල්ලූ 16කට ඇප – තිදෙනෙකුට රැදවුම් නියෝග ඉල්ලයි

අන්තරේ විරෝධයේදී ඇල්ලූ 16කට ඇප – තිදෙනෙකුට රැදවුම් නියෝග ඉල්ලයි

0
අන්තරේ විරෝධයේදී ඇල්ලූ 16කට ඇප – තිදෙනෙකුට රැදවුම් නියෝග ඉල්ලයි

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ කොළඹදී පැවති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 19 දෙනාගෙන් 16 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්. ඉලංගසිංහ මහතා නියෝගකර තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් ගල්වැව සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ, හෂාන් ජවන්තු ගුණතිලක යන තිදෙනා සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 09 වෙනිදා සිට සිදුවූ අරගලයට අදාල සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට රැදවුම් නියෝගයක් ලබා ගැනීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඊයේ පැවති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩල  විරෝධතාවයේ අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here