තවත්
    මුල් පිටුවspecialනියං මඬින්න චීනයට කෘතිම වැසි

    නියං මඬින්න චීනයට කෘතිම වැසි

    චීනය විසින් එරටට බලපා තිබෙන අධික වියලි කාලගුණයට පිළියමක් වශයෙන් කෘතිම වැසි ඇති කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව චීනය විසින් එරට බලධාරීන් විසින් විශේෂිත ගුවන්යානා භාවිතා කරමින් තූනී වාලාකුළු වැසි වලාකුළු බවට කෘතිමව පත්කිරීම සිදු කරයි.

    මෙම ක්‍රමය මගින් ජලපෝෂක ප්‍රදේශ වලට වැසි ලබා ගැනීම මගින් ගංගා සහ ජලාශ වල ජල මට්ටම් ඉහළ දැමීමට නියමිත බව චීන බලධාරීන් පවසයි.

    මේවන විට චීනය තුල දැඩි නියං තත්ත්වයක් ඇතිව අතර අතර එරට ප්‍රධාන ගංගා කිහිපයකම ජල මට්ටම පහළ බැස ඇති බවද වාර්තාවේ. එම තත්ත්වය හේතුවෙන් පානීය ජල මට්ටමද මේවන විට පහළ බැස ඇති බවද චීන බලධාරීන් අනාවරණය කරයි.

    කෘතිම වැසි ඇති කිරීමට වර්ෂ 1940 දශකයේ පටන් පැවති ක්‍රමයක් වන අතර එහිදී චීනය ලොව පුරෝගාමියා වී ඇත. චීනයේ කෘතිම කාලගුණ තත්ත්ව ඇති කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ලෝක අවධානය වැඩියෙන්ම යොමු වූයේ 2008 වර්ෂයේ ඔලිම්පික් උත්සවය පැවති අවස්ථාවේදීය.

    එහිදී චිනය විසින් සිය තාක්ෂණය භාවිතා කරමින් වියලි කාළගුණ තත්ත්වයක් ඇති කිරීමට චීනය සමත්විය.

    කෙසේ වෙතත් මේවන විට චීනයේ හුබෙයි ප්‍රාන්තයට බලපා ඇති දැඩි නියං තත්ත්වයෙන් පුද්ගලයින් ලක්ෂ හතලිස් දෙකක් පමණ බලපෑමට ලක්ව ඇත. මෙම පිරිසට පානිය ජලය සපයා ගැනීමේ අභියෝගයකට මුහුණ දී ඇති බවද වාර්තාවේ.

    ලොව වැඩියේම පරිසයට හානි කරන රාජ්‍යන්ගෙන් එක්ක බවට චීනය පත්ව ඇති අතර පසුගිය දශක කිහිපය පුරාම චීනයේ කාන්තාරකරණය ඉහළ යමින් පවතින බවට පරිසරවේදීන් දිගින් දිගටම පෙන්වා දී ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img