Home උණුසුම් පුවත් යුවාන් වැන්ග්-5 නෞකාව හම්බන්තොට වරායට

යුවාන් වැන්ග්-5 නෞකාව හම්බන්තොට වරායට

0
යුවාන් වැන්ග්-5 නෞකාව හම්බන්තොට වරායට

මේ වන විට ලෝකයේ වඩාත් අවධානයට ලක්ව ඇති චීනයේ ‘යුවාන් වැන්ග් 5’ අධිතාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට මේ වන විට සේන්දු වී තිබේ.

මෙම නෞකාව සතියක කාලයක් හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබෙන බවත් එහි ආරක්ෂාව පිළිබදව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත් හම්බන්තොට වරාය ආරංචි මාර්ග අනාවරණය කළේය.

නෞකාව හම්බන්තොටට පැමිණ ඇත්තේ සේවා සපයා ගැනීමට බව ද එම තොරතුරු සඳහන් කළේය.

මෙම නෞකාව මෙරටට පැමිණිම සම්බන්දයෙන් ඉන්දියාව සිය කනස්සල්ල පලකර තිබුණු අතර අමෙරිකාවද සිය අකමැත්ත ඒ සම්බන්ධයෙන් ප්‍රකාශකර තිබුණි.

චන්ද්‍රිකා සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ලුහුබැදීම් සහ සහයවීමේ තාක්‍ෂණය ඇතුළු පහසුකම් සහිත යුවාන් වැන්ග් පන්තියට අයත් එම නෞකාව එම තාක්ෂණයේ තුන්වෙනි පරම්පරාව නියෝජනය කරන්නකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here