ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරීශ්‍රයට ඉකුත් ජුලි 09 වෙනිදා බලහත්කාරයෙන් කඩා වැදීමේ චෝදනාවට රිමාණ්ඩ් භාරයේ සිටි ධානිස් අලී රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද නියෝග කළේය.
පොදු දේපොල පනත යටතේ මොහුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් කරුණු නැතැයි තීන්දු කරමින් ඇප නියම කිරීම සිදුව තිබේ.