
දිවයින පුරා 100% ක බස්රථ ධාවනයක් අද සිට ක්‍රියාත්මක බව බස් සංගම් පවසයි.
අද සිට සතියේ දින පහ තුළම පාසල් පැවැත්වෙන බැවින් පෞද්ගලික බස් රථ ධාවනය යථා තත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇති බව එම සංගම් සඳහන් කරයි.
ඒ අනුව බස් රථ 12,000 කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කිරීමට අපේක්ෂා කෙරේ.
රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අද (15) සිට සතියේ දින පහම සාමාන්‍ය පරිදි පැවැත්වේ.
ප්‍රවාහන පහසුකම් අඩුවීම නිසා යම් ගැටලුවලට මුහුණදුන් ගුරුවරුන්ට හා දරුවන් සම්බන්ධයෙන් සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දන්වා ඇත.
ඉන්ධන හිඟය මත ඇති වූ අපහසුතාව මත කොළඹ අධ්‍යාපන කලාපයේ සහ සෙසු පළාත්වල නගරබද පාසල් පසුගිය ජූනි 27 වැනිදා සිට සතියට දින 3ක් පමණක් පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.