තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ කොවිඩ් ගැන සංචාරක උපදෙස් අලුත් කරයි

    රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ කොවිඩ් ගැන සංචාරක උපදෙස් අලුත් කරයි

    රට තුළ කොරෝනා වෛරසයේ පැතිරීම පිළිබඳ පසුගිය සතියේ අනතුරු ඇඟවීමක් කිරීමෙන් පසුව රටවල් ගණනාවක් ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශන නිකුත් කර තිබේ.

    අමෙරිකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව මෙලෙස ශ්‍රී ලංකාව පිළිබඳ නවතම සංචාරක උපදේශන නිකුත් කළ රටවල් අතර වේ.

    කොවිඩ් වෛරස් රෝගීන් වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව අවදානම් අනතුරු ඇඟවීමේ මට්ටම 3 දක්වා ගෙන ගොස් ඇති බව එංගලන්තය සඳහන් කරයි.

    ප්‍රජාව තුළ COVID-19 රෝගීන් බහුලව පවතින හෙයින්, කෙටි දැනුම්දීමකින් ගුවන් ගමන් සහ ගුවන් තොටුපල මෙහෙයුම්වල වෙනස්කම් ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව සංචාරක උපදෙස්වල දැක්වේ.

    “බලපෑමට ලක් වූ ප්‍රදේශවල අගුලු දැමීම සිදු කෙරෙන අතර කෙටි දැනුම්දීමකින් ගමන් තහනම් ද පැනවිය හැකිය. සීමාවන්ට අනුකූල නොවන අය අත්අඩංගුවට ගැනීමේ අවදානමක් ද පවතී. බස්නාහිර පළාතේ දේශසීමා ඇතුළු දිවයිනේ සමහර ප්‍රදේශවල පළාත් පාලන ආයතන අහඹු ලෙස COVID-19 පරීක්ෂණ පවත්වයි. ඔබ පළාත් පාලන ආයතනවල උපදෙස් පිළිපැදිය යුතුය. සමාජ දුරස්ථභාවය සහ පොදු ස්ථානවල මුහුණු ආවරණයක් පැළඳීම සඳහා රෙගුලාසි ක්‍රියාත්මක වේ. ”එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවසීය.

    ඕස්ට්‍රේලියාව සිය පුරවැසියන්ට උපදෙස් දී ඇත්තේ ශ්‍රී ලංකාවට නොයන ලෙසයි.

    එනම් “COVID-19 වසංගතයෙන් ඇති වන සෞඛ්‍ය අවදානම සහ ගෝලීය සංචාරයට ඇති වී තිබෙන බාධා හේතුවෙන් ශ්‍රී ලංකාවට නොයන්න” යනුවෙන් ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව පවසයි.

    COVID-19 හේතුවෙන් ශ්‍රී ලංකාව සඳහා රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන (සීඩීසී) දෙවන මට්ටමේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බව අමෙරිකාව පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img