
ජාතික ඉන්ධන අවසරපත්‍ර QR පද්ධතිය නැවත නව ලියාපදිංචි කිරීම් සඳහා විවෘත කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ නියමිත නඩත්තු කටයුතු අවසන් කර ඇත.
එබැවින් නව ලියාපදිංචි කිරීම් සඳහා පද්ධතිය දැන් භාවිත කළ හැකි බව ඔවුහු දැනුම් දෙති.
මෝටර් රථ දෙපාර්තමේන්තුව නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය දා මෙම පද්ධතියේ නව ලියාපදිංචි කිරීමේ පමණක් පැය 48ක් සඳහා ඇණහිට තිබුණි.