වලල්ලාවිට පැලවත්තේ එකේ කණුව ප්‍රදේශයේ පැවැති අවුරුදු කැට පොලක මුදලට කැට ගැසූ 22 කට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
එම කැට පොලේ මුදලට කැට ගැසූ පුද්ගලයෙකු අසනීප වී රෝහල් ගත කිරීමෙන් අනතුරුව කළ පී.සී,ආර්. පරීක්ෂාවකදී ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයන් සොයා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කැට පොල ගැන තොරතුරු අනාවරණයකර ගනිමින් කැට පොලේ සිටි පුද්ගලයින් හදුනා ගනිමින් ඒ අයව පී.සී.ආර්. පිරීක්ෂාවකට යොමුකර තිබේ. එහිදී පරීක්ෂාවට ලක්කල 22 දෙනෙකුටම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. ඒ අය වලල්ලාවිට, පැලවත්ත සහ මීගහතැනන යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මේ අයට අමතරව තවත් විශාල පිරිසක් එම කැටපොලේ සිට ඇති බවත් ඒ අයවද හදුනා ගැනීමේ කටයුතුවල නිරතව සිටින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරති.