Home උණුසුම් පුවත් රජ ගෙදරට බලෙන් රිංගූවාට අල්ලන්න හොයන කෝටිපති ව්‍යාපාරිකයා රටින් ගිහින්

රජ ගෙදරට බලෙන් රිංගූවාට අල්ලන්න හොයන කෝටිපති ව්‍යාපාරිකයා රටින් ගිහින්

0
රජ ගෙදරට බලෙන් රිංගූවාට අල්ලන්න හොයන කෝටිපති ව්‍යාපාරිකයා රටින් ගිහින්

ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන මෙරට ප්‍රමුඛ පෙලේ යකඩ කර්මාන්ත සමාගමක ප්‍රධාන ආයෝජකයෙක් රටින් පිටව ගොස් ඇත.

මෙම කෝටිපතියා මේ වන විට අප්‍රිකානු රටක රැදී සිටින බවට තොරතුරු ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබී තිබේ.

අරගල භූමියේත් මෙම කෝටිපති ව්‍යාපාරිකයා අවස්ථා කිහිපයකදීම රැදී සිට ඇති බව බුද්ධි අංශ පවා නිරීක්ෂණය කර ඇත. මෙම ව්‍යාපාරිකයා ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඇත්තේ ජුලි 09 වෙනිදා අරගලකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වැදීමෙන් පසුවය. ඔහු එහි රැදී සිටින ඡායාරූප කිහිපයක්ද විමර්ශන කණ්ඩායම් සතුව ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මෙම ව්‍යාපාරිකයා නැවත මෙරටට පැමිණෙන විටදී අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට මේ වන විට කටයුතු යොදමින් සිටින බවද පොලිස් තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here