Home GOSSIP විමල් එන බව ජනපති කියයි

විමල් එන බව ජනපති කියයි

0
විමල් එන බව ජනපති කියයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ හා සන්ධාන අතර සාකච්ඡා මේ වනවිට පැවැත්වෙයි.

සමගි ජන බලවේගය සමග පසුගිය දා පැවැති සාකච්ඡාවේ දි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙතක් කැමැත්ත පළ කර ඇති පක්ෂ සම්බන්ධයෙන් ජනපතිවරයා සිහිපත් කළේය.

එහිදී දෙමළ සන්ධානයේ ප්‍රධාන පක්ෂ දෙකෙන් දෙමළ කොංග්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවට අකමැති බව ප්‍රකාශ කර ඇතැයි කී ජනාධිපතිවරයා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නම සඳහන් කරමින් ඔහු එන බව ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවේ දී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් පැහැදීමක් නැති බව කියා සිටීමද වි‍ශේෂත්වයකි. හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අදහස් පළ කරමින් මෙවැනි අවස්ථාවක රටේ ආර්ථික ප්‍රතිසංස්කරණයක් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ජනපති වී සිටියත් නොහැකි යැයි කළ ප්‍රකාශය ද දේශපාලන මතවාදීන් අතර බෙහෝ කතාබහට ලක්වී තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුව වෙනුවට එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස හඳුන්වාදිම සුදුසු බවයි. අරගලකරුවන් වෙනුවෙන් කොටුව පාවෙන වෙළද සංකීර්ණයේ ස්ථානයක් වෙන් කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහි දී කරුණු පැහැදිලි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here