Home උණුසුම් පුවත් පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේදී මල්ලවපොර ඉසව්වෙනුත් ශ්‍රී ලංකාවට පදක්කමක්

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේදී මල්ලවපොර ඉසව්වෙනුත් ශ්‍රී ලංකාවට පදක්කමක්

0
පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේදී මල්ලවපොර ඉසව්වෙනුත් ශ්‍රී ලංකාවට පදක්කමක්

22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මල්ලවපොර තරග ඉසව්වෙන් ද ශ්‍රී ලංකාවට අද පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

ඒ නෙත්මි අහින්සා පෝරුතොට ක්‍රීඩිකාව කිලෝ ග්‍රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගනිමිනි.

ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරග ඉසව්වෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව 10ට 0 ලෙස පහසුවෙන් පරාජය කරමින් නෙත්මි අහින්සා මෙම ජයග්‍රාහනය ලබාගැනීමට සමත්වූවාය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකීය ක්‍රීඩිකාවක් මල්ලවපොර ක්‍රීඩා ඉසව්වෙන් දිනා ගන්නා පළමු පදක්කම වන්නේ මෙයයි.

මෙම පදක්කමත් සමඟ මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකීයය ක්‍රීඩකයන් දිනා සිටින පදක්කම ගණන 04කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here