Home උණුසුම් පුවත් පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේදී යුපුන්ට වාර්තාගත ජයක්

පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේදී යුපුන්ට වාර්තාගත ජයක්

පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේදී යුපුන්ට වාර්තාගත ජයක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී මිටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රිඩක යුපුන් අබේකෝන් අද අලුයම සමත් වෙයි.

ඔහුට තරගය අවසන් කිරීමට ගතවු කාලය තත්පර 10 යි දශම 1 යි 4 කි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලකදී මිටර් 100 ධාවන ඉසව්වේ පදක්කමක් දිනාගත් පලමු ශ්‍රී ලාංකික ක්‍රිඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක් විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලක මිටර් 100 ධාවන ඉසව්වෙන් පදක්කමක් දිනාගත් පලමු ආසියානු ක්‍රිඩකයා බවට ද ඔහු පත් වෙයි.

එම ඉසව්වේ දකුණු ආසියාවේ වාර්තාවට හිමිකම් කියන්නේ ද යුපුන් අබේකෝන්ය.

සිය ජයග්‍රහණය පිළිබඳව සටහනක් තබමින් යුපුන් අබේකෝන් සදහන් කර ඇත්තේ මෙය අනාගතයේ ලැබිය හැකි බොහෝ ජයග්‍රහණවල ආරම්භය පමණක් බවයි.

එම ජයග්‍රහණ වෙනුවෙන් තමා අඛණ්ඩව කැපවන බව පවසන යුපුන් අබේකෝන් ඒ වෙනුවෙන් තමාට සහායදුන් සැමට සිය කෘතඥතාව පළ කර ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය මිටර් 100 ධාවන ඉසව්වේ රන්පදක්කම දිනා ගත්තේ කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා ක්‍රිඩකයායි.

රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ මකානි සිම්බනි දිනා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here