Home උණුසුම් පුවත් ආදායම් බලපත්‍ර අංකයට QR කේතය ගන්න හෙට සිට අවස්ථාව

ආදායම් බලපත්‍ර අංකයට QR කේතය ගන්න හෙට සිට අවස්ථාව

0
ආදායම් බලපත්‍ර අංකයට QR කේතය ගන්න හෙට සිට අවස්ථාව

ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා වාහනයේ වැසි අංකයෙන් ලියාපදිංචි වී QR කේතය ලබා ගැනීමට නොහැකි වූ වාහන හිමියන්ට හෙට සිට ආදායම් බලපත්‍ර අංකය මඟින් ලියාපදිංචි විය හැකි බව විදුල් බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ලබන 01 වෙනිදා සිට වාහනයේ අවසාන අංකයට ඉන්ධන ලබාදීම නතරකර QR කේතයට අනුව ඉන්ධන කෝටාව ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1190න් ඉන්ධන පිරවුම්හල් 962ක් ඊයේ වන විට ජාතික ඉන්ධන බලපත්‍ර ලියාපදිංචි ක්‍රමවේදය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීමේ පද්ධතියට ඇතුලත්කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here