තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජ ගෙදරින් හැදි ඉස්සූවා යැයි කියන මත්ලෝලියෙක් අල්ලයි

    රජ ගෙදරින් හැදි ඉස්සූවා යැයි කියන මත්ලෝලියෙක් අල්ලයි

    ජනාධිපති මන්දිරයට අරගලකරුවන් කඩා වැදීමෙන් පසු එහි කාලය ගතකළ මත්කුඩු ලෝලියෙක් හැදි සොරකමක් සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කඩවත පැත්තේ ස්ථිර පදිංචිකරුවෙක් වන එම සැකකරු 29 හැවරදි වියේ පසුවන්නෙකි.

    මෙම සැකකරු ඉකුත් මැයි මාසයේ සිට සිය බිරිඳ සමඟ ගතකරනුයේ අරගල භූම්යේ ඇති කූඩාරමක බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. එසේ ඔවුන් කූඩාරමක ගතකර ඇත්තේ කුළි නිවසින් එළවා දැමීම නිසා බවද අනාවරණය වී තිබේ.

    පොලීසිය පවසන්නේ කඩවත මහ ගෙදර දොරගුළු ද ඔහුට වැසී තිබෙන බවය. මත්කුඩු භාවිතය නිසා මහ ගෙදරින් එළියට දැමූ ඔහු බිරිය සමඟ කැස්බෑවේ නිවසක කුළියට රැදී සිට ඇති බවද පොලීසිය කියයි. එම නිවසින්ද ඔවුන්ට යන්නට සිදුව ඇත්තේ නිසි ලෙස කුළි මුදල් නොගෙවීම නිසාය.

    අනතුරුව ඔවුන් අරගල භූමිය තෝරාගෙන ඇති බවත් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ පිහිටි කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අරගල භූමියෙන් පිටතට පැමිණි අවස්තාවේදී බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img