Home උණුසුම් පුවත් පෙරටුගාමීන්ගේ පක්ෂ කාර්යාලයට පොලීසිය අමුතු විදිහකට රිංගයි

පෙරටුගාමීන්ගේ පක්ෂ කාර්යාලයට පොලීසිය අමුතු විදිහකට රිංගයි

0
පෙරටුගාමීන්ගේ පක්ෂ කාර්යාලයට පොලීසිය අමුතු විදිහකට රිංගයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නුගේගොඩ මෙල්ඩර් පෙදෙසේ පිහිටි කාර්යාලයට අද උදෑසන පොලීසිය හදිසියේම කඩා වැදී පරීක්ෂාවක නිරත විය.

පොලීසිය නිල ඇදුමින් එහි එන්නට පෙර පැමිණ තිබුණේ සිවිල් ඇදුමින් සැරසුණු කණ්ඩායමකි. එම පිරිස සිය අනන්‍යතාවය හෙළි නොකර පක්ෂ කාර්යාලය පිහිටි ගෙවත්ත වටේ කරක් ගසා තිබුණි. තමන් කවුරුන්දැයි හදුන්වා නොදී සැරි සැරූ එම පිරිස අනතුරුව එම ස්ථාවයෙන් පිටව ගොස් ඇත්තේ පක්ෂ කාර්යාලයේ රැදී සිටි පිරිස් ඔවුන්ගෙන් දිගික් දිගටම අනන්‍යතාවය විමසන විටදීය.

එම පිරිස පිටව ගොස් සුළු වේලාවකට පසු නිල ඇදුම් ඇගලාගත් පොලිස් කණ්ඩායමක් වෑන් රථයකින් එම ස්ථානයට පැමිණ මුළු කාර්යාලයත් අවට භූමියත් පරීක්ෂාකර එහි රැදී සිට සාමාජිකයන්ගේ අනන්‍යතාවය සටහන්කරගෙන පිටව ගොස් ඇත. එසේ තොරතුරු රැස්කරන්නේ ඇයි දැයි විමසූ විට ඒ අයටද නිසි පිළිතුරක් දෙන්නට තිබී නැත.

පොලිසිය අවසානයේදී පවසා ඇත්තේ වසන්ත මුදලිගේව සොයා එහි පැමිණි බවය. වසන්ත මුදලිගේට වරෙන්තුවක් ඇතැයිද පොලීසිය පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here