Home උණුසුම් පුවත් වජිර මැතිසබයේ දිවුරයි – සභානායක සුසිල්

වජිර මැතිසබයේ දිවුරයි – සභානායක සුසිල්

වජිර මැතිසබයේ දිවුරයි – සභානායක සුසිල්

හිටපු අමාත්‍යවරයකු වන වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී තිබේ.

ඒ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව හිස්වූ මන්ත්‍රී ධුරය සඳහායි.

මේ අතර පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පත්කර තිබේ.

මීට පෙර සභානායක ධුරයේ කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතායි. ඒ මහතා මේ වනවිට අග්‍රාමාත්‍ය තනතුරට පත්ව සිටින බැවින් පුරප්පාඩු සභානායක ධුරයට ප්‍රේම්ජයන්ත මහතා පත්කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here