Home උණුසුම් පුවත් බුද්ධි අංශයේ සහයෙන් ඉන්ධන කළුකඩ වටලන්න පොලීසිවලට නියෝග

බුද්ධි අංශයේ සහයෙන් ඉන්ධන කළුකඩ වටලන්න පොලීසිවලට නියෝග

0
බුද්ධි අංශයේ සහයෙන් ඉන්ධන කළුකඩ වටලන්න පොලීසිවලට නියෝග

ඉන්ධන තොග රැස්කර වැඩි මිලට අලෙවි කරන ස්ථාන වටලා ඒ අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස පොලිස් මූලස්ථානය දිවයිනේ සියළුම පොලිස් ස්ථාන වෙත නියෝගකර තිබේ.

ඉන්ධන තොග රැස්කර නීති විරෝධි ලෙස ගබඩාකර අධික මිල ගණන් යටතේ අලෙවිකිරීම් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගෙන එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම වැටලීම් සිදුකරන ලෙස පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලිඛිතව දැනුම්දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here