fbpx
තවත්
    මුල් පිටුවCOVIDපොදු තැන්වල ආයෙත් මාස්ක් පළඳින්න නිර්දේශ

    පොදු තැන්වල ආයෙත් මාස්ක් පළඳින්න නිර්දේශ

    වර්තමාන කොවිඩ් 19 රෝග තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෘහස්ථ පරිශ්‍රවල, පොදු ස්ථානවල සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අවස්ථාවලදී මුව ආවරණ පලදින ලෙස තරයේ නිර්දේශ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි සඳහන් වන්නේ මාස කිහිපයකට පසු මෙරටින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සහ කොවිඩ් මරණ ගණන ඉකුත් දින වලදී ඉහල ගොස් ඇති බවයි.

    ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 75 දෙනෙකු මෙරටින් වාර්තා විය.

    කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් මුව ආවරණ පලදින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.