Home උණුසුම් පුවත් මැයි 09 ප්‍රහාරයේ වින්දිතයන්ට පොලීසිය වන්දි ගෙවිය යුතු යැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

මැයි 09 ප්‍රහාරයේ වින්දිතයන්ට පොලීසිය වන්දි ගෙවිය යුතු යැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

0
මැයි 09 ප්‍රහාරයේ වින්දිතයන්ට පොලීසිය වන්දි ගෙවිය යුතු යැයි මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

ගාලුමුවදොර අරගලකරුවන්ට මැයි 09 වෙනිදා එල්ලවූ ප්‍රහාරයේ වින්දිතයන්ට පොලීසිය වන්දි ගෙවිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශකර තිබේ.

මැයි 09 ප්‍රහාරය ක්‍රියාත්මක විමෙන් පොලිස්පතිවරයා සාමකාමී විරෝධතාකරුවන්ට ආරක්ෂාව සහතික කිරීමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වී ඇති බවද මානව හිමිකම් කොමිසම ඒ සම්බන්ධයෙන් සිය නිර්දේශයේ සඳහන් කර ඇත.

අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් පසු සාමාකාමී අරගකරුවන්ට පහර දීමට පැමිණි පිරිස් පාලනය කිරීමට හෝ වැළැක්වීමට අපොහොසත් වූ පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ සිට විරෝධතා භූමිය අවට සේවයේ සිටි සියලු පොලිස් නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් සිදුකළ යුතු බවට ද මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here