Home උණුසුම් පුවත් ඉන්ධන පාස් ක්‍රමය හෙට සිට රට පුරා- අංක ක්‍රමය‍ ලබන සතියේ සිට අහෝසියි

ඉන්ධන පාස් ක්‍රමය හෙට සිට රට පුරා- අංක ක්‍රමය‍ ලබන සතියේ සිට අහෝසියි

ඉන්ධන පාස් ක්‍රමය හෙට සිට රට පුරා- අංක ක්‍රමය‍ ලබන සතියේ සිට අහෝසියි

හෙට(26) අඟහරුවාදා සිට දිවයින පුරා CEYPETCO සහ LIOC පිරවුම්හල් කිහිපයකදී ජාතික ඉන්ධන බලපත්‍රයට අනුව ඉන්ධන සැපයීමේ ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අගෝස්තු 1 වනදා දක්වා මෙම ක්‍රමය අංක තහඩුවේ අවසාන ඉලක්කම් ක්‍රම‍වේදය ද සමඟ ක්‍රියාත්මක වේ.

කෙසේවෙතත් අගෝස්තු 1 වැනිදා සිට QR පද්ධති කෝටාව පමණක් ක්‍රියාත්මක වේ. ඉන්පසුව වාහන‍යේ අංක තහඩු පද්ධතියේ අවසාන අංකය සහ අනෙකුත් ප්‍රතිපාදන වලංගු නොවේ.

ජාතික යොවුන් සේනාංකය සහ ජාතික තරුණ කවුන්සිලයේ සාමාජිකයින් සහ ස්වේච්ඡා සේවකයන් ඉදිරි දින 10 සඳහා ඉන්ධන පිරවුම්හල්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වනු ඇත.

පහසුකම් නොමැති හෝ තාක්‍ෂණික දුෂ්කරතා ඇති පිරවුම්හල් සඳහා තාක්‍ෂණික ගැටලු නිරාකරණය කරන තෙක් වාහනයේ අංක තහඩු‍වේ අවසාන ඉලක්කම් ක්‍රමයට සහ ඉන්ධන කෝටා වෙන් කිරීම අනුගමනය කරනු ඇත.

දිවයින පුරා පිරවුම්හල්වලින් 60% ක් දැනටමත් තාක්ෂණික වශයෙන් සන්නද්ධ කර, මෙම ක්‍රමය පරීක්ෂා කර ඇති අතර ඉන්ධන බෙදා හැරීමේ දී ඒවාට ප්‍රමුඛතාවයක් ලබා දෙනු ඇත.

වහාම කේත ක්‍රමය අනුගමනය කරන ලෙස CEYPETCO සහ LIOC හි සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටී.

ලබන අගෝස්තු 1 වනදා වන විට QR පහසුකම් සහිත ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම දැඩි ලෙස ක්‍රියාත්මක කෙරේ.

ජාතික ඉන්ධන බලපත්‍රය සමඟ ලියාපදිංචි වන ලෙසත් මෙම ක්‍රමවේදයේ මුලපිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා කියාසිටී.

මේ සතිය අවසන් වන විට තම ව්‍යාපාර ලියාපදිංචිය සමඟ බහු වාහන ලියාපදිංචි කිරීමට අවශ්‍ය පරිශීලකයින්ට සහ රජයේ ආයතනවලට ලියාපදිංචි වීමට විකල්ප ලබා දෙන බව ද අමාත්‍යවරයා කියයි.

ප්‍රාදේශීය ලේකම්වරුන්ට ජනක යන්ත්‍ර, වගා උපකරණ සහ අනෙකුත් උපකරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය ප්‍රවේශය ලබා දෙනු ඇති බව හෙතෙම කියාසිටී.

පොලිස් දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට ප්‍රවේශය ලබා දෙන අතර, සෑම ත්‍රිරෝද රථයක්ම නිශ්චිත ඉන්ධන පිරවුම්හලකට වෙන් කරනු ලැබේ.

ඒ අනුව ඩිපෝවලට හෝ ඉන්ධන පිරවුම්හල්වලට බස් රථ ලියාපදිංචි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයට ප්‍රවේශය ලබා දෙනු ඇත.

සෞඛ්‍ය, කෘෂිකර්මය, ධීවර, සංචාරක, කර්මාන්ත සහ සේවා සපයන අංශ වැනි අනෙකුත් සේවාවන්ට තම අවශ්‍යතා අනුව ලියාපදිංචි කිරීමට සහ ඉන්ධන පිරවුම්හල් සඳහා වාහන වෙන් කිරීමට ද පද්ධතියට ප්‍රවේශය ලබා දෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here