
බියගම ඇතුළු අයෝජන කලාපවල දැනට සාමාන්‍ය පරිදි විදුලිය කප්පාදු කිරීම හේතුවෙන් අදාළ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් අතිරේකව විශාල මුදලක් වැය කිරිමට සිදුවෙතැයි සඳහන් කරමින් ඇතැම් සමාගම් මෙරට ක්‍රියාත්මක කර්මාන්ත ශාලා ආසන්න රටවල් වෙත ගෙනයාමේ සාකච්ඡා ආරම්භ කර තිබේ.
ඒ අනුව දැනට පවත්නා තත්ත්වයේ වෙනසක් සිදුනොවන්නේ නම් අදාළ කර්මාන්තශාලා ආසන්න රටවල පිහිටි මෙම සමාගම්වල ශාඛා වෙත ගෙනයාම සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පවත්වා ඇත.
බියගම ආයෝජන කලාපයේ පිහිටි සේවකයන් දෙදහසක් පමණ සේවය කරන ආයතනයක් මෙලෙස පළමු අවදානමට ලක්ව ඇති අතර ඔවුන්ගේ මවු සමාගම මෙරට පිහිටි සමාගම මලයාසියාවේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.
මෙයට හේතුවී ඇත්තේ නිෂ්පාදන කාර්ය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශාල පිරිවැයක් දරමින් විදුලි ජනන යන්ත්‍ර යොදා ගැනීමට සිදුවීමයි. අදාළ සමාගම දැනටමත් ඩොලර්වලින් මුදල් ගෙවමින් නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන මිලට ගනිමින් සිටින බවද වාර්තා වේ.
මේ අකාරයට බියගම සහ අනෙකුත් ආයෝජන කලාප මුහුණ පා ඇති මෙම විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු මැදිහත්වීම බලාපොරොත්තු වන බව අදාළ සමාගම් ඉහළ කළමනාකාරීත්වය නිව්ස්වේව් වෙත හෙළි කළේය.
ආයෝජන කරුවන්ට ශ්‍රී ලංකා රජය මුල්තැනක් දෙන්නට ඕන ඔයාලාගේ ආයෝජන කරමින් කම්මලේ අපගේ ජනතාවට රුකියා දෙනවා!
ආයෝජන කරන්නන්ට විසාල ප්‍රශ්න රජයෙන් නිවාඩුව වැඩිය මදිවාට විදුලි කප්පාදු විසාල බලපෑමක් ව්‍යාපාරයට.
අල්ලස් අරමුණු, කොමිස් අරමුණු කොට ඉන්ධන අඩුපාඩු සහ විදුලි කප්පාදු රටට විශාල ප්‍රශ්න.