තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට මාව CIDයට කැඳෙව්වොත් ඊබ්‍රාහිම්ලා ගැන දන්න තොරතුරු සියල්ල දෙන්න ලෑස්තියි -...

    හෙට මාව CIDයට කැඳෙව්වොත් ඊබ්‍රාහිම්ලා ගැන දන්න තොරතුරු සියල්ල දෙන්න ලෑස්තියි – අනුර කුමාර

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා කැඳවා ප්‍රශ්න කරන්නෙ නම් පාස්කු ප්‍රහාරයේ ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා වන මොහොමඩ්‌ ඊබ්‍රාහිම් පිළිබඳ තමා සතුව ඇති සියලු තොරතුරු දීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අදහස් දැක්වීමකදී ඉන්දික අනුරුද්ධ මහතා කියා සිටියේ හරීන් ප්‍රනාන්දු පමණක් නොව, අනුර කුමාර දිසානායක සහ රවුෆ් හකීම්ගෙන් ද සම්බන්ධතා පිළිබඳව ප්‍රකාශ ලබා ගතයුතු බවත් අනුර කුමාර මහතාගේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ සිටි ඊබ්‍රාහිම් පිළිබඳ ඔවුන්ට ද ගැටලු පවතින බව ඒ පිළිබඳ විමසිය යුතු බවත් ය.

    මෙහිදී අනුර කුමාර දිසානායක මහතා නැගී සිටිමින් කියා සිටියේ ‘පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභාව අවුරුදු දෙකක් තිබ්බා. ඔය කියන පුද්ගලයා අපි දන්නවා. අද වෙනකන් කිසිදු ප්‍රකාශකට මාව කැඳවලා නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙට කියන්න මාව කැඳවන්න කියලා මා සතුව තියෙන සියලු තොරතුරු දෙන්න ලෑස්තියි. හෙට කියන්න මාව කැඳවන්න කියලා.’ යනුවෙනි.

    මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පාලක පක්ෂයේ පාර්ලිමේන්තු ආසනවල ඉදිරිපස පේළිය දෙසට ඇවිද ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දෙසට අත දිගු කරමින් මහ හඬින් යමක් පවසනු මැතිසබේ දර්ශනවල සටහන්ව තිබේ.

    පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් නැවත සිය අසුනට පැමිණෙන ලෙස ඔහුගෙන් කිහිප වතාවක්ම ඉල්ලා සිටියේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img