Home උණුසුම් පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රීවරුන්ට කරන තර්ජන ගැන සී.අයි.ඩී.යෙන් විමර්ශනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රීවරුන්ට කරන තර්ජන ගැන සී.අයි.ඩී.යෙන් විමර්ශනයක්

0
සමාජ මාධ්‍ය ඔස්සේ මන්ත්‍රීවරුන්ට කරන තර්ජන ගැන සී.අයි.ඩී.යෙන් විමර්ශනයක්

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෙරන තර්ජන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර ඇත.

එම මාධ්‍ය නිවේදනය මෙසේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය ජාල වල පලකරන බව නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව එවැනි දැන්වීම් පල කරන පුද්ගලයන් හා ඒවා සකස් කරන, බෙදා හරින, සංසරණය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානය විශේෂ අවධානය යොමුකර ඇති අතර හවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පොලිස් මූලස්ථානය මඟින් මේ වන විට උපදෙස් ලබාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here