Home උණුසුම් පුවත් “අධික ණය, ප්‍රතිපත්ති නැතිකමෙන් වෙන දේ ගැන දැනගන්න ශ්‍රී ලංකාව දෙස බලන්න”-IMF

“අධික ණය, ප්‍රතිපත්ති නැතිකමෙන් වෙන දේ ගැන දැනගන්න ශ්‍රී ලංකාව දෙස බලන්න”-IMF

“අධික ණය, ප්‍රතිපත්ති නැතිකමෙන් වෙන දේ ගැන දැනගන්න ශ්‍රී ලංකාව දෙස බලන්න”-IMF

අධික ණය බර සහ ශක්තිමක් ප්‍රතිපත්තිවල හිඟකම නිසා සංවර්ධනය වෙමින් පවතින රටකට අත්විඳින්නට සිදුවන අතිරේක ප්‍රතිවිපාක පිළිබඳ අනතුරු ඇඟවීමක් ලෙස ශ්‍රී ලංකාව දැක්විය හැකි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

සංවර්ධනය වෙමින් පවතින රටවලට ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තිමය මැදිහත්වීමක අවශ්‍යතාවය අවධාරණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මේ බව කියාසිටියේ ය.

රුසියා යුක්රේන යුද්ධය සමඟ ලෝක ආහාර හා භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ගෝලීය මූල්‍ය තත්ත්වය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඇය පෙන්වා දෙයි.

මෙම තත්ත්වයන් හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය තවදුරටත් කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇති බව ඇය තවදුරටත් අනතුරු අඟවා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here