වාහන ගණනාවක් ධාවනය කරන ව්‍යාපාරික ආයතන සඳහා ඔවුන්ගේ සියලුම වාහන ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි කිරීමට විකල්පයක් ලබා දීම සඳහා ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් වැඩිදියුණු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
එම ක්‍රමවේදය ආරම්භ කිරීමෙන් පසු ඔවුන්ගේ සෑම වාහනයකටම නිශ්චිත QR කේතයක් ලබා දෙනු ඇති බව ඔහු කියාසිටී.
මේ අතර ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචිවීමට සඳහා හඳුන්වා දුන් https://fuelpass.gov.lk/ යන වෙබ් අඩවියේ පැවති තාක්ෂණික දෝෂ නිරාකරණය කර තිබේ.
වෙබ් අඩවිය හඳුන්වා දීමත් සමඟ ආරම්භක මොහොතේදීම අනපේක්ෂිත අයුරින් අතිවිශාල පිරිසක් එකවර ලියාපදිංචිවීමට උත්සාහකිරීමත් සමඟ එහි තාක්ෂණික දෝෂ ඇති වී තිබූ බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඩීසල් නැවක් දිවයිනට පැමිණ සිටින අතර පෙට්‍රල් නැවේ ගොඩබෑම්ද සිදුවූ පසුව ඉන්ධන බෙදාහැරීම ආරම්භ වන බැවින් හදිසි වී මෙහි ලියාපදිංචි නොවන ලෙසත් ඉදිරි දින කිහිපය තුළ සියලුදෙනාට ජාතික ඉන්ධන අවසර පත සඳහා ලියාපදිංචි වීමට හැකියාව පවතින බවත් අමාත්‍යවරයා කීය.
මෙම ක්‍රමවේදය ඔස්සේ වාහන සඳහා QR කේත ක්‍රමය භාවිත වන බැවින් මින්පසුව පෝලිම්වල සිටිමින් ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයට අනුබද්ධ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය ඇතුළු ආයතන කිහිපයක් විසින් හඳුන්වා දුන් මෙම ක්‍රමවේදය වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට වියදමක් දැරීමට සිදුනොවූ බවත් අමාත්‍යවරයා කීය.
ඉන්ධන ලබාගැනීම සඳහා ජාතික ඉන්ධන අවසරපත්‍රයට ලියාපදිංචි වන ආකාරය පහතින් දැක්වේ.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා.