Home උණුසුම් පුවත් බ්‍රිගේඩියර් අනිල් සෝමවීරගේ වැඩ තහනම් නෑ – යුද හමුදා ප්‍රකාශක

බ්‍රිගේඩියර් අනිල් සෝමවීරගේ වැඩ තහනම් නෑ – යුද හමුදා ප්‍රකාශක

බ්‍රිගේඩියර් අනිල් සෝමවීරගේ වැඩ තහනම් නෑ – යුද හමුදා ප්‍රකාශක

අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පසුගිය දා ඇතිවූ තතත්ත්වය තුළ දී එහි රාජකාරි කළ බ්‍රිගේඩියර් අනිල් සෝමවීරගේ වැඩ තහනම් කර ඇතැයි පළවන වාර්තා අසත්‍ය බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පවසයි.

වෙනත් රාජකාරි කටයුත්තකට යෙදවීම සඳහා බ්‍රිගේඩියර් අනිල් සෝමවීර යුද හමුදා මූලස්ථානයට කැඳවා ඇති බව හෙතෙම සඳහන් කරයි.

කෙසේ වෙතත් අදාළ නව තනතුර සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට පැමිණ නැත.

අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණි අරගලකරුවන් සහ බ්‍රිගේඩියර් අනිල් සෝමවීර අතර සංවාදයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ සැරි සැරූ අතර එහිදී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට ඒ මහතා කරන ප්‍රකාශයක් එහි සඳහන්විණි.

මේ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කළ ප්‍රකාශය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here