තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ 2020 වාර්ෂික වාර්තාව අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

    මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ 2020 වාර්ෂික වාර්තාව අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

    මහජන බැංකුවේ 2020 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව මහජන බැංකුවේ සභාපති සූජීව රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (22) දින පෙරවරුවේ පිළිගන්වා ඇත.

    වාර්ෂික වාර්තාවට අනුව මහජන බැකුවේ බදුපෙර ලාභය රුපියල් බිලියන 21ක් වන අතර බදුපසු ලාභය රුපියල් බිලියන 14කි.

    2020 වර්ෂයේ මහජන බැංකුවේ ලාභාංශය රුපියල් බිලියන 3.5ක් ලෙසත් රාජ්‍ය බදු රුපියල් බිලියන 14ක් ලෙසත් සඳහන්ය.

    රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති අනුව යමින් මහජන බැංකුව මේ වසරේ රුපියල් බිලියන 25ක ලාභයක් සහ රුපියල් බිලියන 15කට වැඩි බදු ආදායමක් බලාපොරොත්තුවන අතර ඉලක්කගත ලබාංශය රුපියල් බිලියන 3කි.

    මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සූජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී රංජිත් කොඩිතුවක්කු, මුල්‍ය නිලධාරී අසාම් අහමඩ් සහ අලෙවි විධායක නාලක විජේවර්ධන මහත්වරු සහභාගී වූහ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img