
ගෝඨාභය රාජපක්ෂ මහතාජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වීම සඳහා කථානායකවරයා වෙත එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මේ වනවිට රැස්වී සිටින මැතිසබයට ඉදිරිපත් කරමමින් නිලවශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
සිය ඉල්ලා අස්වීම දැනුම් දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් වශයෙන් ලිපිය හමාර කර ඇත්තේ “මේ දක්වා මා උපන් මව්බිමට මාගේ උපරිම ශක්ති ප්රමාණයෙන් සේවය කළ පරිදිම ඉදිරියටත් ඒ සඳහා මාගේ උපරිම දායකත්වය ලබාදීමට ඇපකැපවී සිටින බවට දන්වා සිටිමි.” යනුවෙනි.
පාර්ලිමේන්තුව ලබන අඟහරුවාදා (19) පෙරවරු 10 දක්වා කල්තැබිණි.
එම ඉල්ලා අස්වීමේ ලිපිය කියවීමේ ප්රකාශය පහත දැක්වෙන පාර්ලිමේන්තු සජීවී විකාශයේ දැක්වේ.