
ඊයේ(14) සිට ක්රියාත්මක වන පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැන් නිල වශයෙන් නිවේදනය කළේය.
මේ පිළිබඳ ඉදිරි කටයුතු වෙනුවෙන් හෙට (16) සෙනසුරාදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන බව හෙතෙම කීය.
එම රැස්වීමට සභාගී වන ලෙස සියළු මන්ත්රීවරුන් වෙත දැනුම් දෙන බව ද කථානායකවරයා සඳහන් කළේය.