ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වූ බව විදෙස් මාධ්‍ය මේ වෙනවිට තහවුරු කර තිබේ.
මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට newswaveLK කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතාගේ ජංගම දුරකථනයට ගත් ඇමතුමට ප්‍රතිචාර දැක්වූ ඔහුගේ කතානයක කාර්යාලයේ නිලධාරියා එවැනි ලියුමක් ලැබී ඇති බවත්, එහි නීතිමය තත්ත්වය නිල භාවය තහවුරු කිරීමෙන් පසු ඒ ගැන් ජනතාව දැනුවත් කරන බවත් කීවේය.
කෙසේ වෙතත් මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන්විට සිංගප්පූරුවේ රැඳී සිටියි.
නිල වශයෙන් තහවුරු නොකළ මෙවැනි අස්වීමේ ලිපියක් ද දැනට සමාජ මාධ්‍යයේ සැරිසරමින් තිබේ.