Home උණුසුම් පුවත් විශාල මගී නෞකා දෙකක් හම්බන්තොට වරායට

විශාල මගී නෞකා දෙකක් හම්බන්තොට වරායට

0
විශාල මගී නෞකා දෙකක් හම්බන්තොට වරායට

‘MV Arius’ සහ ‘MV Gem’ යන මගී ප්‍රවාහන නෞකා දෙක දැනට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) නැංගුරම් ලා ඇත. එක් නෞකාවක මගීන් 800ක් පමණ ගමන් ගතහැකි මෙම යාත්‍රා දිගු කාලීන නැංගුරම් ලෑමේ මෙහෙයුම් යටතේ නවතා ඇත. මසක කාලයක් වරායේ රැදී සිටීම සදහා පැමිණ ඇති නෞකාවන්හි කාර්ය මණ්ඩල ඒ තුල නේවාසිකව සිටිනු ඇත.

“කුඩා පරිමාණයේ සිට විශාල නෞකා, තෙල් නෞකා වැනි ඕනෑම නෞකාවකට කලාපයේ විශිෂ්ඨතම සේවාවන් සැපයීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය කැප වි සිටී. ආරක්ෂිත නැංගුරම් පහසුකම්, නැව් සහ නාවිකයන් සඳහා ආරක්ෂාව වැනි අනෙකුත් සියළුම පහසුකම් අප විසින් ලබා දෙයි. HIP විසින් සපයන විවිධ සේවා පිළිබඳව නැව් හිමිකරුවන් සහ නැව් කළමනාකරුවන් අතර දැනුවත්භාවය වැඩි කිරීමට, මෙසේ පැමිණෙන නෞකා දායක වේ,” යැයි HIPGහි වාණිජ සහ අලෙවිකරණ කටයුතු පිලිබඳ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පවසයි.

HIP විසින් සපයනු ලබන මෙවැනි සේවාවන් මඟින්, නැව් සඳහා අවශ්‍ය ආහාර සහ අනෙකුත් සියලුම අවශ්‍යතා ලබා දෙන හම්බන්තොට ප්‍රදේශයේ ප්‍රජාවන්ටද සවියක් වේ. මීට අමතරව නැව් අලුත්වැඩියා කිරීම් සහ වෙනත් විවිධ සේවාවන් රැසක්, වරායේ නැංගුරම් ලා සිටින නැව් සඳහා ලබා දීමේ අවස්ථාව HIP යටතේ ලියාපදිංචිව ඇති දේශීය සේවා සපයන්නන් හට ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here