තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන් හමුදා යානාවකින් ජනපති ගෝඨාභය මාලදිවයිනට පිටවයයි

    ගුවන් හමුදා යානාවකින් ජනපති ගෝඨාභය මාලදිවයිනට පිටවයයි

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,ඔහුගේ බිරිඳ,ආරක්ෂකයකු ඇතුළු සිව් දෙනෙක් ගුවන් හමුදාවේ ඇන්ටනොව් 32 යානයකින් කටුනායක සිට අද (13) අලුයම මාලදිවයිනේ මාලේ ගුවන් තොටුපොළට ළඟා වී ඇත.

    ජනපති මැඳුර අරගලකරුවන් විසින් අත්පත් කරගැනීමෙන් පසු දින හතරක් තිස්සේ ජනතාව ඉදිරියට නොපැමිණි ජනාධිපතිවරයා මෙලෙස රටෙන් පිටව ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    තමන් අද දින ජනපති ධුරයෙන් ඉවත්වන බවට මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට සහ කතානායකවරයාට සහතික වී තිබිණි. එසේ වුවද මෙතෙක් එවැනි නිල දැනුම් දිමක් සිදු නොවුණු පරිසරයක් තුළ ජනාධිපතිවරයා සිය බිරිඳ සමග මෙලෙස රටින් පිටව ගොස් ඇත.

    පසුගිය ජුලි නව වැනිදා අරගලකරුවන් කොළඹ ජනපති මැදුර අත්පත් කරගනිද්දී ජනාධිපතිවරයා කටුනායක ගුවන් හමුදා කඳවුරට ආරක්ෂාව පතා පැමිණි බව NewswaveLK මෙයට පෙර අනාවරණය කළේය.

    මාලේ ගුවන් තොතොටුපොළට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරට ආරක්ෂක අංශවල ආරක්ෂාව ලැබී ඇති අතර එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් මාලේ ගුවන්තොටුපළට පැමිණිය ද විරෝධතාකරුවන්ට ඔවුන්ට ළඟා වීමට නොහැකි වී තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img