තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජනපති සමඟ අගමැතිත් ඉල්ලා අස්වෙන්න.ඊනියා ස ාකච්ඡාවලට නොඑන බව සජිත් ප්‍රේමදාස කියයි

    ජනපති සමඟ අගමැතිත් ඉල්ලා අස්වෙන්න.ඊනියා ස ාකච්ඡාවලට නොඑන බව සජිත් ප්‍රේමදාස කියයි

    රටේ සමස්ත ජනතාව ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂටත්,වර්තමාන ජන වරමක් නැති අගමැතිවරයාටත් යන දෙදෙනාටම ඉල්ලා අස්වී ගෙදර යන ලෙස බැවින්,දැනට අනීතික ව අගමැතිකම් කරන රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවනු ලබන සාකච්ඡාවලට සමගි ජන බලවේගය සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙයි.

    අදාළ නිවේදනයේ මෙසේද සඳහන්ය. ජනතා විරෝධය මධ්‍යයේ බිත්තියට හේත්තු වූ රාජපක්ෂවරුන් නැවත දේශපාලන කරලියට රැගෙන විත් මොවුන් සුරක්ෂිත කළේත් අරගලය පාවා දීමට කටයුතු කළේත් වර්තමාන අගමැතිවරයා වන අතර මේ අර්බුදයේ ඔහුද විත්තිකරුවකු බව සඳහන් කළ යුතුය.

    හිතුවක්කාරී , මර්දනකාරී , ප්‍රජාතන්ත්‍ර විරෝධී ඊනියා ආණ්ඩුවේ අවසානය මේ වන විට ඇස්පනාපිට දක්නට ලැබෙන අතර අශ්වයා පලා ගියාට පසු වසන ලද ස්තාලවල කෙරෙන හිස් සාකච්ඡා වලට අප සහභාගි නොවේ.

    අපේ උදාර මාතෘ භූමිය ගොඩනැංවීම වෙනුවෙන් මේ රටේ සමස්ත ජනතාව එක අරමුණකට එක්ව ඇති මොහොතක සහ එකී අරමුණ ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට පැමිණ ඇති මොහොතක ඊනියා අගමැතිවරයා විසින් කැඳවනු ලබන නිශ්ඵල සාකච්ඡාවලින් සිදු වන්නේ තවත් වටයකින් රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව සහතික වීම වන අතර,මේ පැලැස්තර ක්‍රියාවලින් මිදී සමස්ත ආණ්ඩුව කළ යුත්තේ ඉල්ලා අස්වීම ය.

    ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ රැකවලුන් සහ දොරටුපාලයින් සමග රටේ අනාගතය පිළිබඳව සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය නැති අතර ජන අරගලය සමඟ සිට ගත් සියලු සියලු පාර්ශ්ව සමඟ එක්ව මේ රට අරාජිකත්වයෙන් මුදවා නැවත ගොඩනැගීමේ කටයුත්තට අප දායක වන බව ද දන්වා සිටිමු යැයි එම නිවේදනයේ සඳහන්ය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to PinipaCancel reply

    spot_img
    spot_img