Home උණුසුම් පුවත් ගාල්ලේ ඉන්ධන පෝලිමේ ඝාතනයේ ප්‍රධාන සැකකරු සමඟ 07 ක් අල්ලයි

ගාල්ලේ ඉන්ධන පෝලිමේ ඝාතනයේ ප්‍රධාන සැකකරු සමඟ 07 ක් අල්ලයි

ගාල්ලේ ඉන්ධන පෝලිමේ ඝාතනයේ ප්‍රධාන සැකකරු සමඟ 07 ක් අල්ලයි
ඝාතනයට ලක්වූ තරුණයා

ගාල්ල මාගාල්ලේ පිහිටි ඉන්ධන පිරවුම් හල් පෝලිමේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු 07 දෙනෙක් ගාල්ල වරාය පොලීසිය මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සිටින බව පොලීසිය කියයි.

ඝාතනයට යොදා ගත් කඩුවක් සහ උල් ආයුධ කිහිපයක්ද පොලීසිය සොයාගෙන ඇත. ඔවුන් මෙම ඝාතනයට පැමිණි යතුරු පැදියක් මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරි තරුණයෙක් මෙසේ ඝාතනය වී ඇත. එම තරුණයා ගාල්ල වංචාවල පදිංචිකරුවෙක් වන අචිර සාලින්ද පීරිස්ය.

මෙම ගැටුමෙන් මෙම තරුණයාගේ සහෝදරයාද මිතුරෙක්ද තුවාල ලබා ඇත. මෙම ඝාතනයට සම්බන්ධ අයෙක්ද තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේය.

මිය ගිය තරුණයාගේ මිතුරෙක් දින 04ක් තිස්සේ ඉන්ධන පෝලිමේ රැදී සිටීම නිසා ඔහුව බැලීමට මෙම තරුණයාත් ඔහුගේ සහෝදරයාත් බිරිඳත් පැමිණ ඇතැයි පොලිසිය කියයි. ඒ පැමිණ ඔවුන් තේ පානය කිරීමට අසල හෝටලයකට ගොස් පැමිණීමේදී මිතුරාගේ මෝටර් රථයට ඉදිරියෙන් වෙනත් පුද්ගලයෙක් මෝටර් රථයක් රැගෙන විත් පෝලිමට අතැලුකර තිබීමකට විරෝධය දැක්වීම හේතුවෙන් ඇතිවූ ගැටුමකින් පසු මෙම ඝාතනය සිදුව තිබේන බව පොලීසිය සඳහන් කළේය.

(ඡායාරූපයේ සිටින්නේ මියගිය තරුණයායි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here