ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ එරට නාරා හි මහාමාර්ගය ආශ්‍රිතව මැතිවරණ දේශනයක් කරමින් සිටින අතරතුර පපුවට වෙඩි තැබීමක් හේතුවෙන් රෝහලට ගෙන යන ලද බව එරට වාර්තා පවසයි.
බටහිර ජපානයේ නාරා හි මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී මෙම සිදුවීම වී ඇති අතර මේ වනවිට සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ජපන් ටයිම්ස් වාර්තා කළේ, අබේගේ පිටුපසින් සිට පහර දීම නිසා පපුවට වෙඩි උණ්ඩයක් වැදී ඇති බවයි. ඇදවැටීමෙන් පසු ලේ ගලමින් ඔහු රෝහලට ගෙන ගොස් ඇත.
රෝහල්ගත කරන විට හිටපු අග්‍රාමාත්‍යවරයාට සිහිය නොතිබූ අතර හෘද-ශ්වසනය අඩාල වී ඇති බවක් පෙනෙන්නට තිබූ බව ජපාන ප්‍රවෘත්ති වාර්තා කරයි.

වසර අටක ධුර කාලයකින් පසු 2020 වසරේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඉවත් වූ ජපානයේ දීර්ඝතම කාලයක් සේවය කළ අග්‍රාමාත්‍යවරයා අබේ විය.
එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ තමාගේ අසනීපය තීරණ ගැනීමේ මාර්ගයට බාධාවක් වීමට අවශ්‍ය නැති බවත්, තම නිල කාලය සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම ගැන ජපන් ජනතාවගෙන් සමාව අයැද සිටින බවත්ය.
ඔහු නව යොවුන් වියේ සිටම ජීවත් වූ නිදන්ගත රෝගී තත්වයක් වන ulcerative colitis සමඟ ඇති වූ තත්ත්වය හේතුවෙන් 2007 දී ද මීට පෙර අගමැති ධුර කාලයෙන් හදිසියෙන් ඉල්ලා අස්විය.
NHK is broadcasting the moment that Japanese Former PM Shinzo Abe was shot from behind. Video does not show the shooter, just the puff of smoke. pic.twitter.com/4CNW1JTmvn
— Global: MilitaryInfo (@Global_Mil_Info) July 8, 2022
🚨🇯🇵 Shinzo Abe shot in the chest in Nara City. Suspect in custody.
🚨🇯🇵 NHK: Japanese Police arrested the suspect involved in assassination attempt of former Japanese Prime Minister Shinzo Abe
🚨🇯🇵 According to ruling LDP members former Prime Minister Abe is unconscious. pic.twitter.com/zaoj03F2Q6
— morpheus💊🍊 (@morpheus7701) July 8, 2022
WATCH: Bystanders rush to help former Japanese Prime Minister Shinzo Abe after he is shotpic.twitter.com/vgk7fn323p
— BNO News (@BNONews) July 8, 2022