ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වංචා සහ දූෂණ ක්‍රියාවන් පිළිබඳව දිගින් දිගටම හෙළිකිරීමට සමඟි ජන බලවෙිගය තීරණය කර තිබේ.
එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරන්නේ ඒ සම්බන්ධ තොරතුරු රාශියක් මේවනවිට ලැබී ඇති බවයි.
ඒ තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලා පාර්ලිමේන්තුවේදී හෙළිකරන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම එවැනි වංචා සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත් ඉදිරියේදි කටයුතු කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.