Home COVID රට යන්න හදන අය ගන්නම ඕන එන්නතක්

රට යන්න හදන අය ගන්නම ඕන එන්නතක්

රට යන්න හදන අය ගන්නම ඕන එන්නතක්

කොරෝනා වයිරස අවදානමෙන් මිදීම සඳහා වයස අවුරුදු 20ට වැඩි සහ විදේශ ගතවීමට බළාපොරොත්තුවන සියලුම දෙනා කොරෝනා සිව්වන එන්නත් මාත්‍රාව ලබාගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ නව ප්‍රභේදයන් සමඟ පසුගිය සති තුන තුළ කොරෝනා වයිරසය වැළඳුණු රෝගීන්ගේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබෙන බවයි.

එන්නත් මාත්‍රා හතරම ලබාගැනීමෙන් කොරෝනා වයිරසයට ගොදුරුවීමේ අවධානම ඉතා අඩු බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව සිව්වන එන්නත් මාත්‍රාව සියලුම රජයේ රෝහල්වලින් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් මෙන්ම නම්කරන ලද එන්නත් මධ්‍යස්ථානවලින් ලබා ගත හැකි බවයි සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here