fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අර්බුදය උග්‍ර නිසා වැඩිමිලට පෙට්‍රල් නැවක් ගනී

    අර්බුදය උග්‍ර නිසා වැඩිමිලට පෙට්‍රල් නැවක් ගනී

    රටෙහි පවතින ඉන්ධන අර්බුදය මඟහරවා ගැනීමට ලබන 22 වැනිදාට පෙර වැඩිමිලට හෝ පෙට්‍රල් නෞකාවක් ගෙන්වා ගැනීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඊට අදාළ පෙරගෙවීම් ද සිදුකරන බවයි.

    ඒ අනුව එළඹෙන 13 වනදා වනවිට පෙට්‍රල් තොගයක් රැගත් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සැපයුම්කරුවෙකු ඉදිරිපත්ව සිටින බවත් එම නැව ලබන 15 වැනිදා වනවිට මෙරටට ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.