තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිරුණිකා ඇතුළු පිරිසට පොලීසියෙන්ම ඇප දී මුදාහරී

    හිරුණිකා ඇතුළු පිරිසට පොලීසියෙන්ම ඇප දී මුදාහරී

    මාර්ග බාධක මගහැර ජනාධිපති මන්දිරය ආසන්නයටම ගොස් විරෝධතාවක් පවත්වමින් සිටියදී අත්අඩංගුවටගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනෙකු පොලිස් ඇපමත මුදා හැර තිබේ.

    පොලීසිය මුලින් හිරුණිකා ඇතුළු කාන්තාවන් 05 දෙනෙක්ද පිරිමි පුද්ගලයින් 04 දෙනෙක්ද අත්අඩංගුවට ගත්තේය. අනතුරුව තවත් කාන්තාවන් දෙදෙනක් සහ පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තේය.

    හිරුණිකා ඇතුළු මෙම 12 දෙනා පොලීසිය බස් රථයක නංවාගෙන කොළඹ වරාය පරීශ්‍රෙය් පිහිටි වරාය පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලදි. පසුව වරාය පොලිස් ස්ථානය වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් ගියේය.

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු අත්අඩංගුවට ගත් 12 දෙනාගේ ප්‍රකාශ සටහන් කර ගැනීමකින් අනතුරුව ඔවුන්ව පොලිස් ඇපමත මුදා හැරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img