තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු කොමිෂමේ නිර්දේශය පිළිගන්නෙ නැහැ - මෛත්‍රිපාල සිරිසේන

    පාස්කු කොමිෂමේ නිර්දේශය පිළිගන්නෙ නැහැ – මෛත්‍රිපාල සිරිසේන

    පාස්කු ප්‍රහාරය පැමිණෙන බව කල්තියා දන්නා බවට උපකල්පනය කරමින් තමන් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව කර ඇති නිර්දේශය තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

    අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

    මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ ද කීවේය.

    මාස 6කට පෙර අපි ගෝඨාභය ජනාධිපතිතුමා සමඟ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කිව්වා. අපි රටටත් කිව්වා. ඇමතිකම් ගන්නවා කියලත් කිව්වා.

    පාස්කු ප්‍රහාරය පිළිබඳ මානව හිමිකම් නඩු 08ක් තියෙනවා. වන්දි ඉල්ලලා නඩු හාරසීයකට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් සභාව පත්කළේ මම. මේ ප්‍රහාරය එනවා කියලා දන්නවා ඇති කියලා උපකල්පනය කරලයි එම වාර්තාවේ තියෙන්නෙ. පාස්කු කොමිෂමේ නිර්දේශය අනුව එකම නඩුවක්වත් මට නැහැ. මගේ නීතිඥයන්ගේ උපදෙස් අනුව මම එම නිර්දේශය ප්‍රතික්ෂේප කරනවා. මම ඒක පිළිගන්නෙත් නැහැ.

    නිර්දේශ සම්බන්ධයෙන් මාධ්‍ය ගෙන ගිය ප්‍රචාර සම්පූර්ණ වැරදියි. මට නඩු දාන්න ස්ථිර නිගමනයක් එහි නැහැ. පාස්කු ප්‍රහාරය මගේ ඇගේ ගහන්න සූදානම් වුණාට. හිරේ ඉන්න ත්‍රස්තවාදීන්ටත් තාම නඩු දාලා නෑ. මේකට මාව චූදිතයෙක් කිරීම දේශපාලන කුමන්ත්‍රණයක්.යැයි කීවේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img