fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැතිකම අනුරට දෙන්න සූදානම් - අගමැති රනිල් වික්‍රමසිංහ

    අගමැතිකම අනුරට දෙන්න සූදානම් – අගමැති රනිල් වික්‍රමසිංහ

    මාස හයකින් රට හදන්න පුළුවන් බව පවසන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට අග්‍රාමාත්‍යධුරය දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ඒ සඳහා ඔහු විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල පැහැදිලිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    "ඇමැති මණ්ඩලයත් ඉවත්වී අනුර දිසානායක මහතා අගමැති ධුරයට පත්කරන ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.පාරට බැහැලා පෙළපාළි යන්නට වුවමනා නැහැ .කිසිම පෙළපාලියක් උවමනා වන්නේ නැහැ.අපට කරන්නට තිබෙන්නේ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වී අපි මේ වැඩසටහන වාද විවාද කිරීමයි."යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කිසියම් අයකුට මාස හයක් ඇතුළත හැකියාව ඇත්නම් එම පුද්ගලයාට නොබෙල් සම්මානය ලබා දිය හැකි බව ද හෙතෙම පැවසීය.

    අද වන විට ලංකාව පවතින්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස නොව බංකොලොත් රටක් ලෙස බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

    එනිසා ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වූයේ එම සීමාවේ සිට බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    ජාත්‍යන්තරය හෝ දේශීය වශයෙන් සාකච්ඡා පැවැත්වීමේදී තමන් තනි වී නැතැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    මට ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. ජනාධිපති හමුවෙන්නත් අගමැති හමුවෙන්නත් අය එනවා. අපි ඔක්කොම තනිවෙලා තියෙන්නෙ. බොහෝ දෙනෙක් ගං ඉවුරෙ දුවනවා.යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.