Home උණුසුම් පුවත් සුදු වෑන්වලට බියෙන් ඉන්දියාවට පැන්න පාතාලේ වෙඩික්කරුවෝ ආපහු ඇවිත්

සුදු වෑන්වලට බියෙන් ඉන්දියාවට පැන්න පාතාලේ වෙඩික්කරුවෝ ආපහු ඇවිත්

සුදු වෑන්වලට බියෙන් ඉන්දියාවට පැන්න පාතාලේ වෙඩික්කරුවෝ ආපහු ඇවිත්
High contrast image of a man holding a gun against a brightly lit background

බස්නාහිර පළාත තුළ මෑතකදී සිදුවූ ඝාතන 12න් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ ඉන්දියාවේ සිට පැමිණී පාතාලයේ කුළී ඝාතකයින් කිහිප දෙනෙක් විය හැකි බවට සැකයක් මතුවී තිබේ.

ආරක්ෂක අංශ විසින් පාතාලයට එරෙහි මෙහෙයුම් දියත් කිරීමත් පසුගිය කාලයේ ඉන්දියාවට පළාගිය පාතාලයේ වෙඩික්කරුවෝ මුහුදු මාර්ග ඔස්සේත් වෙනත් පුද්ගලයින්ගේ නම්වලින් සකස්කළ විදෙස් ගමන් බලපත්‍ර මගින් මෙරටට පැමිණ ඇති බව බුද්ධි අංශ අනාවරණයකර ඇත.

ගම්පහ බෙම්මුල්ලේදී අද අලුයම ඝාතනය වූ ජොසා නැමැති පාතාලයේ කොන්ත්‍රාත් ඝාතකයා පවා ඉන්දියාවට පළාගොස් නැවත පැමිණ ඇත්තේ ඉකුත් පෙබරවාරි මාසයේදී බවද මේ වන විට හෙළිවී තිබේ. පිටකොටුව බැස්ටියන් මාවතේදී ඉකුත් මැයි 30 වෙනිදා සිදුවූ ඝාතනයට අමතරව තවත් ඝාතන කිහිපයකට ඔහු සම්බන්ධව ඇති බවට පොලීසිය සැකකරයි.

එසේම ඉන්දියාවේ සිට මෙරටට පැමිණ සිටින තවත් එවන් වෙඩික්කරුවන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන්ද බුද්ධි අංශ තොරතුරු හෙළිකර තිබෙන බැවින් ඔවුන් කොටුකර ගැනීමට පොලිස් මෙහෙයුම් මේ වනත් දියත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here