Home උණුසුම් පුවත් අලුත්ගම ජෝසා පොලිස් වෙඩිල්ලෙන් මරුට – නාකොටික් රංගජීව මරන්නත් පහසුකම් සපයලා

අලුත්ගම ජෝසා පොලිස් වෙඩිල්ලෙන් මරුට – නාකොටික් රංගජීව මරන්නත් පහසුකම් සපයලා

අලුත්ගම ජෝසා පොලිස් වෙඩිල්ලෙන් මරුට – නාකොටික් රංගජීව මරන්නත් පහසුකම් සපයලා

කොළඹ බැස්ටියන් මාවතේදී ඉකුත් මැයි 30 වෙනිදා කමාන්ඩෝ භටයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු පාතාලයේ අපරාධ රැසකට සම්බන්ධ සැළසුම්කරුවෙක් වන අලුත්ගම ජෝසා නැමැති පාතාල අපරාධකරු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සමඟ ගැටී අද උදෑසන ගම්පහ බෙම්මුල්ලේදී වෙඩි කා මරුමුවට පත්විය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි නියොමාල් රංගජීව මහතාට පිළියන්දලදී ඝාතනය කිරීමට උත්සහ දැරීමේ සැළසුම පිටුපසද 2013 වසරේදී නියොජ්‍ය පොලිස්පතියරයෙක් ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් තිදෙනෙක් ඝාතනය කිරීමට වෙඩික්කරුවෙක් යෙදවීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ජෝසා නැමැති මෙම අපරාධකරු කාලයක් වඩෝවිට සුද්දාගේත්, මාකදුරේ මධුෂ්ගේත් ගෝලයෙක් ලෙස කටයුතුකර තිබේ. මේ වන විට ඔහු ගණේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ලෙස කටයුතුකරමින් සිටින බවත් බැස්ටියන් මාවතේ වෙඩි තැබීමට අවශ්‍ය පහසුකම් සපයා ඇත්තේ ඔහු විසින් බවත් පොලීසිය කියයි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් වෑන් රථයක නැගී ඔහුව පන්නමින් සිටියදී යතුරු පැදියකින් ගමන්කරමින් සිටි ඔහු පොලීසියට ටී 56 අවියකින් වෙඩි තැබන විට ඔහුට පෙරලා වෙඩි තබා ඇති බවත් ඔහු මරුමුවට පත්වන්නේ එහිදී බවත් පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here