Home special ජැක්සන්ට සිදුවූ අලි අනතුරට හේතු එළියට

ජැක්සන්ට සිදුවූ අලි අනතුරට හේතු එළියට

0
ජැක්සන්ට සිදුවූ අලි අනතුරට හේතු එළියට

අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා හෙට ශල්‍ය කර්මයකට ලක්කිරීමට නියමිතව ඇත.

ජැක්සන් ඇන්තනී මහතාටත් ඔහුගේ සහෝදරයාවන සමන් ඇන්තනී සහ තවත් අයෙකුටත් බරපතල තුවාල ගෙන දුන් එම අනතුර සිදුවන්නේ ඊයේ රාත්‍රීයේදී අනුරාධපුර පාදෙණිය මාර්ගයේ තලාව ප්‍රදේශයේදීය.

මාර්ගය හරහා මාරුවෙමින් සිටි වන අලියෙකු හා ඔවුන් ගමන් කරමින් සිටි කැබ් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී කැබ් රථය පදවා ඇත්තේ ජැක්සන් ඇන්තනී මහතාය. වේගයෙන් ගමන්කරමින් තිබුණු කැබ් රථය වන අලියාගේ ගැටීමත් සමඟ පිටුපස ආසනයේ සිටි ජැක්සන් ඇන්තනී මහතාගේ සහයකයා ඉදිරියට විසිවී වින්ස්ක්‍රීනයේ හිස වැදී ඇත. මෙම අනතුරින් ඔහුගේ හිසට පමණක් තුවාල සිදුවී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

එහෙත් කැබ් රථය පැදවූ ජැක්සන් ඇන්තනී මහතාගේත් රියදුරු අසුනට යාබද අසුනේ ගමන්කරමින් සිටි ඔහුගේ සහෝදරයාගේත් තත්ත්වය යහපතත් නොවන බව ද එම තොරතුරු සඳහන් කළේය.

අනතුර සිදුවනවාත් සමඟ ජැක්සන් ඇන්තනී මහතා ඉදිරියට වේගයෙන් විසිවී පපු ප්‍රදේශය සුක්කානමේ ඉතා තදින් වැදීම තිබේ. ඔහුගේ පෙනහළුවලට හානි වී ඇත්තේ ඒ නිසා බව සඳහන්ය. ජැක්සන් ඇන්තනී මහතාගේ සහෝදරයාද ඒ ආකාරයටම ඉදිරියට විසිවී ඩෑස් බෝට් එකේ පපු ප්‍රදේශය තදින් වැදී ඇති බැවින් ඔහුගේද පෙහළුවලට හානි සිදුව ඇති බව කියයි.

මෙම අනතුරත් සමඟ වන අලියාද වාහනයේ බොනට්ටුව මතට වැදී තිබේ. පසුව වන අලියා නැගිට ගමන් කිරීමට සූදානම්වන විටද නැවත වාහනය මතට වැටී ඇති බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

මෙම අනතුර සිදුවන්නේ ගල්ගමුවේ සිදුකෙරනු චිත්‍රපට රූගතකිරීමටකට සහභාගිවී අනුරාධපුරයේ හෝටලයක නවාතැන් ගැනීමට යමින් සිටියදීය. ජැක්සන් ඇන්තනී මහතා ගමන් කළ රථයට පිටුපසින් චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය ඇතුළු මෙම චිත්‍රපටයේ නිර්මාණ ශිල්පීන් රැගත් වාහන කිහිපයක්ද ගමන් කරමින් තිබී ඇත.

අනතුරින් පසු ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තුවාල ලබාසිටි අය අනුරාධපුර රෝහලට රැගෙන ගොස් ඇත්තේ එම වාහනවල දමාගෙනය.

මෙම අනතුරින් පැය දෙකක පමණ කාලයක් යන තුරු වන අලියා එම ස්ථානය අවට සැරිසරමින් සැරිසරමින් සිට ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

මෙම අනතුර වූ ස්තානය අවට දිගින් දිගටම වන අලි වාහනවල ගැටීම් සිදුවන බවත් මෑතකදී අනතුරු සිදුවීම් ඉහළ යාමක් දකින්නට ඇති බවත් ප්‍රදේශ වාසීන් සඳහන් කරති. ඊට හේතුවී ඇත්තේ අලි වැටවල් වෙනුවට අලි ගම්වැදීම පාලනය කිරීමට කැපූ අලි අගල් බාගෙට කපා තිබීම නිසා බවද ගම්වැසියන් පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here