
පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.
නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් සුළඟේ වේගය පිළිබඳව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අනුව එම මුහුදු ප්‍රදේශ වල පැයට කිලෝමීටර 60 -70 දක්වා වැඩි විය හැකි බැවින් මුහුද ඉතා රළු වනු ඇති බවද අනතුරු අඟවා ඇත.
එමෙන්ම එම මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මීටර් 2.5ක් 3.5ක් පමණ ඉහළ යාමේ හැකියාව පවතින අතර මෙය ගොඩ බිමට එන මුහුදු රැල්ලෙ උස නොවන බවටද කාලගුණ විද්‍යාඥයෝ පවසති.
මෙම තත්වය යටතේ කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 ක කාලය තුළදී ධීවර සහ නාවික කටයුතුවලින් සම්පූර්ණයෙන්ම වළකින ලෙසද කාලගුණ විද්‍යාඥයෝ දන්වා සිටිති.
මේ අතර අද දිනයේදී ගාල්ල සිට කොළඹ දක්වා අකුරල, කහව, තෙල්වත්ත යන ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩට පැමිණ දේපළවලට සුළු වශයෙන් හානි වූ අයුරු ද දැකගන්නට ලැබුණි.