මුල් පිටුව උණුසුම් පුවත් ගෙවුණු දශකයේ සිරියා ගැටුම්වලින් ලක්ෂ 3ක් මරුට

ගෙවුණු දශකයේ සිරියා ගැටුම්වලින් ලක්ෂ 3ක් මරුට

0

සිරියානු යුද ගැටුම් ආරම්භයේ සිට මේ දක්ව කාලය තුල දී ගැටුම් හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති බව එක්සන් ජාතීන්ගේ නවතම වාර්තවෙන් අනාවරණය වේ.

ඒ් අනුව 2011 වර්ෂයේ මාර්තු පළමු වැනිදා සිට 2021 මාර්තු 31 දක්වා කාලය තුලදී පුද්ගලයින් තුන් ලක්ෂ හයදස් අටසියි අසූ හතක් මරණයට පත්ව ඇති බව ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත එහි මහ කොමසාරිස්වරිය වන මිචෙල් බැචලෙට් මහත්මිය අදාල වර්තා ඉදිරිපත් පත් කරමින් පවසා සිටියාය.

අදාල වර්ථාවට අනුව ගතවූ දශකයක කාලය තුල දිනකට පුද්ගලයින් 83 දෙනෙකු මරණයට පත්ව ඇත. එහිදී දිනකට කාන්තාවන් නව දෙනෙකුද ළමුන් 18 දෙනෙකුද දිනකට මරණය පත්ව ඇති බව අදාල වර්තාවෙන් අනාවරණය වී තිබේ.

‟මේ වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙන්නේ හුදෙක් සංඛ්‍යාවන් නොවෙයි. මේ සියලුදෙනාම අපි වගේම මිනිසුන්.”යනුවෙන් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වාර්තාව ඉදිරිපත් කරමින් ඉතා සංවේදීව ප්‍රකාශ කළාය.
ජගත් සංවිධානය පවසන අන්දමට පවුලේ සාමාජිකයින් විසින් දැණුම් දීමක් නොකළ පුද්ගලයින්ගේ තොරතුරු මෙම වාර්තාවට ඇතුලත් නොවේ. එසේම මෙම වර්තාවට ඇතුලත් පිරිසට යුද ගැටුම් වලට සෘජුව මැදි වීමෙන් මරණයට පත් පිරිස පමණක්වේ.

මේ අතර සිරියානු ගැටුම් වල ප්‍රතිඵළයක්ව නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව මරණය පත්වූ පිරිස් ආහාර, පිරිසිදු ජලය නොමැති කමින් මරණයට පත්වූ පිරිස මීට ඇතුලත්ව නොමැති අතර ඔවුන්ගේ සංඛ්‍යාවද සැලකීමේදී මරණයට පත්වූ සංඛ්‍යාව ඉතා විශාල වනු ඇති බවද ජගත් සංවිධානය පෙන්වා දෙයි.

ඒමෙන්ම මෙම වාර්තාවට අනුව මරණයට පත් පිරිස 2011 වර්ෂයේදී සිරියාවේ ජනගහනයෙන් සියයට 1.5 බවද එය ඉතා විශාල ප්‍රතිශතයක් බවද එකසත් ජාතීණ්ගේ සංවිධනාය සඳහන් කරයි.

සිරියානු යුද ගැටුම් ආරබි වසන්තය ආරම්භයත් සමඟ ආරම්භ වූ අතර පුරා දශකයකට අධික කාලයක් එරට ජන ජීවිතය සම්පූර්ණයෙන්ම පාහේ අඩපන කරමින් ගැටුම් අඛන්ඩව පවතී.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version