Home උණුසුම් පුවත් අද රෑ සිට රට ක්‍රියාත්මක වෙන හැටි විශේෂ කැබිනට් තීරණයක්

අද රෑ සිට රට ක්‍රියාත්මක වෙන හැටි විශේෂ කැබිනට් තීරණයක්

අද රෑ සිට රට ක්‍රියාත්මක වෙන හැටි විශේෂ කැබිනට් තීරණයක්
File photo

අද(27) මධ්‍යම රාත්‍රියේ සිට ජුලි 10 දක්වා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන සපයමින් සෙසු කටයුතු තාවකාලිකව සීමා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය එකඟතාවකට පැමිණ තිබේ.

නාගරික ප්‍රදේශවල පාසල් ජූලි 10 දක්වා වසා තැබේ.

කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ අන්තර් පළාත් ගමනාගමනය බොහෝ දුරට අත්හිටුවීමට සිදුවනු ඇති බව ය.

ඒ අනුව වරාය, සෞඛ්‍ය, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම් ආදී අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සිපෙට්කෝ වෙතින් ඉන්ධන සැපයෙනු ඇත.

“මේ දුෂ්කර අවස්ථාවේ දී ඛනිජ තෙල් පරිභෝජනය සීමා කිරීම සඳහා අවශ්‍ය පියවරට සහාය වන ලෙස ඉල්ලා සිටිනවා. එසේ නොවුණහොත් වෙන්නේ අපිට අත්‍යාවශ්‍ය සේවා ටික පවත්වාගෙන යාම සඳහා සංස්ථාව සතුව තිබෙන සීමිත තොග බෙදාහැරීමේ ගැටලු මතුවෙනවා.

ඒ නිසා තමයි ජුලි මස 10 වැනි දින තෙක් අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන ගොස් අනික් කටයුතු තාවකාලිකව වශයෙන් අත්හිටුවීමේ වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක කරන බවට කැබිනට් මණ්ඩලය තීරණය කළේ. ඒ අනුව පාසල් ගත්තොත් ඒ සඳහා අධ්‍යාපන ඇමතිතුමා සඳහන් කළා තීරණ ගැනීමේ බලය ලබල දීලා තියෙනවා පාසල් ප්‍රධානීන්ට හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට. ඒ සම්බන්ධව තිබෙන පොදු ප්‍රවාහනය විශාල වශයෙන් යොදානොගෙන පාසල් පවත්වාගෙන යන්න පුළුවන්. අනිත් පාසල් 10 වැනිදායින් පසුව පටන් ගන්නවා. දහ වැනිදා සිට අඛණ්ඩව ඛනිජ තෙල් සහ ගෑස් කැපවීම පිළිබඳ ක්‍රමානුකූල වැඩපිළිවෙළක් සකස් කරලා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු යොදලා තිබෙන්නේ.

ඒ නිසා මේ ඇතිවෙන තාවකාලික දුෂ්කරතාවය පිළිබඳ අපි රජය වශයෙන් කනගාටුවට පත් වෙනවා. මොකද මේ අපේ රටේ ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්ත ම රාජ්‍ය මූල්‍ය හා විදේශ විනිමය පිළිබඳ අර්බුදය යටතේ අපි විදේශවලින් කලින් ලබාගෙන තිබෙන ණය තුරුස් නිසියාකාරව නොගෙවීම කරණ කොටගෙන අපිට ආනයනය කරන්න අවශ්‍ය ණයවර ලිපි විවෘත කරවා ගැනීම යනාදීන් ඇති වෙලා තිබෙන ප්‍රශ්න රාශියක් තමයි මේ. ලබන 10 වැනිදා සිට ඛනිජ තෙල් හා ගෑස් අඛණ්ඩව සැපයීම සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන තෙක් මේ කාල පරිච්ඡේදය තුළ අද මධ්‍යම රාත්‍රී 12 සිට ජුලි 10වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පවත්වාගෙන යන්න තීරණය කළේ. කෙටි දුර ධාවනය සඳහා පොදු ප්‍රවාහනයට ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ඉන්ධන අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අන්තර් පළාත් ගමනාගමය බොහෝ දුරට අත්හිටුවන්න සිද්ධ වෙනවා.”

මෙහිදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියාසිටියේ මෙය කිසිසේත් ‘ලොක්ඩවුන්’ එකක් නොවන බවත් ලබන 10 වැනිදා තෙක් සිය පළාත තුළ රැ‍‍ඳමෙින් නිවසේ සිට වැඩකිරීමේ ක්‍රියාවලියක් බවයි.

එසේම දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ හේතුවෙන් ලබන 10 වැනිදා සිට රට සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here