තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙදෙනෙකුට මරු කැඳවූ කහතුඩුවේ ගෙදරක ඇවිළුණු ගින්නට හේතුව හෙළිවේ

    දෙදෙනෙකුට මරු කැඳවූ කහතුඩුවේ ගෙදරක ඇවිළුණු ගින්නට හේතුව හෙළිවේ

    මව්පිය යුවලකට මරු කැදවමින් සහ දියණිවරු දෙදෙනකුට බරපතල ලෙස පිළිස්සුම් තුවාල ගෙන දෙමින් කහතුඩුව මාගම්මන පිහිටි නිවසක ඇතිවූ ගින්නට හේතුව ඔවුන්ගේ නිදන කාමරයේ තිබුණු පෙට්‍රල් බෝතලයකට ගිනි ඇවිලීමක් බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම නිවසට පැමිණ කළ පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ නිවසේ විදුලි පහන් දල්වන ස්විචයක් ක්‍රියාත්මක කිරීමේදී වාෂ්ප වෙමින් පැවති පෙට්‍රල්වලට ගිනි ඇවිලී ගිනි දැල්වී ඇති බවය.

    කාමරයේ දොර ජනේල් වසා තිබීම නිසා බෝතලයෙන් වාෂ්ප වෙමින් පැවති පෙට්‍රල් කාමරයේන් පිටතට නොගොස් නිදන කාමරයේ වාතලයේ තිබී ඇති බවද පරීක්ෂණ වලින් පෙනී ගොස් ඇත. මෙම පෙට්‍රල් බෝතලය තබාගෙන සිට ඇත්තේ ඔහුට අයත් ලොරියකට සහ යතුරුපැදියකට භාවිතා කිරීම සඳහා බවද අනාවරණය වී තිබේ.

    මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ (26) රාත්‍රී 11.00 ට පමණයි. කාමරය එකවරම ගිනි ජාලාවකින් වැසී ගොස් දරුවන් දෙදෙනා සමඟ කාමරයේ නිදා සිටි දියණිවරු දෙදෙනා ගින්නට හසුවී තිබේ. අවුරුදු 19ක් වන වැඩිමහල් දියණිය කොළඹ ජාතික රෝහලේත් අවුරුදු 06 ක් වයසැති බාල දියණිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේත් මේ වන විට ප්‍රතිකාර ගනු ලබයි. ඔවුන්ගේ තත්ත්වය යහපත් නොවන බව රෝහල් තොරතුරු සඳහන් කළේය.

    මිය ගිය පියා වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකි. යාබද කාමරයේ විදුලි කාර්මිකයාගේ මව සිට ඇති අතර ඇයට මෙම අනතුරින් හානියක් සිදුව නැත. නිවසේ අනතුරක් වී ඇති බව ඇය දැන ඇත්තේද සියළු දෙනාම රෝහල්ගත කිරීමෙන් අනතුරුව එම කාමරය අසල්වාසීන් පරීක්ෂා කිරීමේදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img